63 වන බණ්ඩාරනායක ගුණ කඳ සැමරුම | 63rd Bandaranaike Guna Commemoration

2 years ago

63 වන බණ්ඩාරනායක ගුණ කඳ සැමරුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වැනි ගුණ සමරුව අද දෙතැනකදී පැවැත්වුණි.බණ්ඩාරනායක මහතාගේ දියණියක වන හිටපු ජනපතනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් හොරොගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදීත් ශ්‍රීලනිප වත්මන් සභාපති සහ හිටපු ජනාධිපතිවරයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදීත් පැවැත්විණි.

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස් .ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 63 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක් හිමිකර දෙමින් මෙරට සිව් වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.

බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන දොරටුව අභියස ඇති පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද (26) පෙරවරු 9.00 ට සිදු කෙරේ.

මෙම අවස්ථාවට පක්ෂයේ සෙසු නිලධාරීන් මෙන්ම පාක්ෂිකයින් පිරිසක්ද සහභාගී වීමට නියමිත වේ.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේග සංකල්පය සමඟින් බලයට පත්වූ බණ්ඩාරනායක මහතා වසර හතරක් සිය ධුරයේ කටයුතු කළේය.

Loading comments...